අමාත්‍යාංශ වෙනස්වීම පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යාංශ වෙනස් වීම පිළිබඳව කිසිවෙකුට ප්‍රශ්නයක් ඇතිවිය නොහැකි බවයි. අද දින පැවති කැබිනට් සංශෝධනයේදී දුමින්ද දිසානායක මහතා එතෙක් දැරූ කෘෂිකර්ම අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යධූරය ලබා දී තිබුණි. නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මහින්ද අමරවීර මහතාය.
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකඟතාව මත කැබිනට සංශෝධනය සිදුවූ බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ. මෙම කැබිනට සංශෝධනය දෙස සුභවාදිව බැලිය හැකි බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිරසාර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ අලිමිනිස් ගැටුමට විසඳුමක් ගෙන ඒමට කැපවීමෙන් කටයුතු කරන බවයි.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment