රවී කරුණානායක මහතා මුදල් ඇමතිධූරය දරන වකවානුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම පවා ඔහු චෝදනාවලින් නිදහස් කර තිබියදී කරුණානායක මහතාට මුදල් ඇමතිධූරයෙන් ඉවත්වීමට සිදු වූ අතර ඉන්පසු ඔහු දැරූ විදේශ කටයුතු අමාත්‍යධූරයෙන් ද ඉවත් කෙරිණි. ඉන්පසු විපක්ෂය ඔහුට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරද්දී ඔහුට තනිවම ඒ සඳහා මුහුණදීමට සිදු වූ බවද එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පවසයි.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කලෙක සිට මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමග සබඳතා පවත්වන බවට චෝදනා එල්ල වූ අතර වරක් ඔහු ප්‍රකාශ කළේ මෙම ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ සිටීම සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වන බවයි. එසේ පැවසූ ඔහු අද නැවතත් කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර එජාප මන්ත්‍රීවරුන් පවසන්නේ එවැනි පුද්ගලයෙකුට නැවත කැබිනට් මණ්ඩලයට පැමිණීමට හැකි නම් රවී කරුණානායක මහතාට බලපාන ප්රශ්නය කුමක්ද යන්නයි.
කරුණානායක මහතාට පක්ෂයෙන් නොයෙක් කෙනෙහිලිකම් සිදුවෙමින් තිබියදී පවා පසුගිය මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ ජයග්‍රහණය පක්ෂයට ලබාදීමට කැප වී කටයුතු කළ බව පෙන්වා දෙන අදාල මන්ත්‍රීවරුන් පවසන්නේ මෙවර කැබිනට් සංශෝධනයේදී හෝ ඔහුට සාධාණයක් ඉටුවිය යුතුව තිබුණු බවයි.
ඉදිරි දිනවලදී පක්ෂ නායකත්වය සහ ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් රවී කරුණානායක මහතාට සාධාරණය ඉටුවන තෙක් සටන අත් නොහරින බවත් එම මන්ත්‍රීවරුන් පිරිස අවධාරණය කරයි.
0 comments :
Post a Comment