මහපාරට වැටුණු පිය සෙනෙහස: වෑන් එකකින් ඇවිත් පාරට ඇද දමා පලා යයි (ඡායාරූප)

මහපාරට වැටුණු පිය සෙනෙහස: වෑන් එකකින් ඇවිත් පාරට ඇද දමා පලා යයි (ඡායාරූප)

නිල් පැහැති වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු ඊයේ (27) උදෑසන 10.30ට පමණ එහි නංවාගෙන පැමිණි වයස්ගත මෙම පුද්ගලයකු අනුරාධපුර බැංකු පෙදෙසේ මහනගර සභා නිවාස සංකිර්ණයේ අභය පෙදෙස හතර මංසන්ධියේ පිහිටි නිවසක් ඉදිරිපිට පිහිටි කොන්ක්‍රීට් ලෑල්ල මතට වීසිකර දමා යන අයුරු ඒ අසල වූ ගොඩනැගිල්ලක ඉදිකිරීමේ නිරතවූ පෙදරේරුවන් පිරිසක් දැක ඇත.

වයස අවුරුදු 60 - 65 අතරේ පසුවන බවට සැකකරන, කතා බස් කිරීමට නොහැකි මහලු පුද්ගලයා එම ස්ථානයේ ගැහෙමින් දඟලමින් සිටියදී එය දුටු විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු සහ අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ තරුණ සේවකයෙකු වහාම ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට හා අනුරාධපුර මහනගර සභාවේ මුදාගැනීමේ ඒකකයට දුරකථනය මඟින් දන්වා තිබේ.

රෝගී තත්ත්වයෙන් පසුවන බවට සැකකෙරුණු එම මහලු පුද්ගලයා කොන්ක්‍රීට් ලෑල්ල මතට හිරු රශ්මිය පතිත වීම නිසා පීඩාවට පත්වී දඟලමින් සිටියදී අසල වූ නිවසේ හිමිකාරිය පැමිණ ඔහුව අව් රශ්මියෙන් බේරා ගැනීමට රෙදි කඩක් පොරවා කුඩයක් ඔසවා තබා ඇත.

mahalu piya 1

විනාඩි කිහිපයක් යන විට අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් වහා එහි පැමිණ මහලු පුද්ගලයා රෝහල කරා ගෙන යාමට පියවර ගනු ලැබීය. ඔහුගේ වම් පාදයේ තුවාලයක් වැනි යමක් දක්නට ලැබුණු අතර එය පරණ රෙදි කැබලිවලින් ඔතා කම්බියකින් බැඳ තිබෙන අයුරු දැකගත හැකි විය.

mahalu piya 2

බොහෝවිට කාලයක් තිස්සේ දරුවන් විසින් නොසලකා හැරි පියෙකුට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැකකරයි. නිල් පැහැති වෑන් රථයකින් පැමිණි අයෙකු රථය තුළ සිටි මහලු පුද්ගලයාව මාර්ගයට ඇද දමා ක්ෂණයෙන් අනුරාධපුර නගර දෙසට පලා යන අයුරු ඉදිකිරීම් කටයුත්තක නිරත වූ පෙදරේරුවන් පිරිසක් දැක තිබුණි. වෑන් රථය අතුරු මාර්ගය ඔස්සේ නගරයට ධාවනය වන අයුරු එම මාර්ගයේ පිහිටි වෙළඳ ආයතනයක ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී) පද්ධතියක සටහන්වී තිබෙන බව ද අනාවරණය විය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

mahalu piya 3

mahalu piya 4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment