රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්ති සමීක්ෂණ වාර්තාව එළි දකී

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්ති සමීක්ෂණ වාර්තාව එළි දකී

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතනය තුළ ක්‍රියාත්මක වීමට අදාළ ​රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිඹිබු කිරීම, පරිපාලන හා ලේඛන සකස් කිරීම, සේවා සැපයීම හා ආයතනික කැපවීම යන කාරණා​​ ​යටතේ සමීක්ෂණය ක්‍රියාත්මක කර ඇත. සමීක්ෂණයට සම්බන්ධ වූ අමාත්‍යංශ 49 හි වාර්තා සහ සංක්ෂිප්ත වාර්තාව ඒ ඒ අමාත්‍යංශයන් වෙත පිළිගැන්වීම මෙහිදි සිදු විය.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීම වර්ෂ 2009.09.25 දිනැති අංක 1620/27 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය සහ වර්ෂ 2009.11.25 දිනැති අංක 18/2009 දරන චක‍්‍රලේඛන මඟින් සිදු කර තිබේ. ඊට සමගාමීව ජාතික ඒකාබද්ධතා, සංහිිඳියාව, සහජීවනය හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන මගින් භාෂා සැලසුම් පිළියෙල කිරීමේ මාර්ගෝපදේශ අත්පොත සම්ප‍ාදනය කර ඇති අතර එකී මාර්ගෝපදේශ අත්පොත මගින් ආයතන තුළ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම තහවුරු කිරීම උදෙසා අදාළ වන ප‍්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ. එනම්,

1. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම පිළිබිඹු කිරීම.
2. පරිපාලන හා ලේඛන සැකසීම.
3. සේවා සැපයීම සහ
4. ආයතනික කැපවීම හා උපකාරක යාන්ත‍්‍රණය.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමේ දී ඉහත කී ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් යටතේ අමාත්‍යංශවල කටයුතු කෙරෙන්නේ කෙසේ ද යන්නත් ඒ ඒ ක්ෂේත‍්‍රයන් තුළ අදාළ අමාත්‍යාංශය මුහුණ දෙන්නා වූ ගැටලු සහ අභියෝගයන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම මෙම සමීක්ෂණයේ මුඛ්‍ය අරමුණ වේ.

rajya basha 1

rajya basha 2

rajya basha 3

rajya basha 4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment