මේ සිය ජීවනෝපාය වන කොහු කර්මාන්තයට වර්තමානයේ අත් වී තිබෙන ඉරණම පිළිබඳව අප සමඟ අදහස් බෙදාගත් මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරිකට්ටිය ප්‍රදේශයේ එම කර්මාන්තකරුවෙන්ගේ කඳුළු කතාවයි.
මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ ස්වයං රැකියාවක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ වශයෙන් පවත්වාගෙන යනු ලබන කොහු ආශ්‍රිත නිපැයුම් කරුවන්ගේ කර්මාන්තය මේ වන විට වැසී යාමේ තර්ජනයට ලක්ව තිබේ. ඒ වර්තමානයේ කොහු කර්මාන්තය ආශ්‍රිතව පැන නැගෙමින් ඇති ගැටලු කිහිපයක් නිසාය.
දැනට වසර ගණනාවකට පෙර අවිධිමත් අධ්‍යාපනයේ නිරතවන්නන් බොහෝ පිරිසක් තම සහජ හැකියාවන් මුල් කරගනිමින් සිය කර්මාන්තය ආරම්භ කර තිබේ. එකී කාල වකවානුවේදී කොහු කර්මාන්තය බහුතරයක් ලාභ ලබන කර්මාන්තයක් බවට ප්‍රසිද්ධියක් දැරූ අතර, කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහාද ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් ඇති විය. එසේම එකල සිය රැකියාවට වටිනාකමක් ලැබුණු බවත් එයින් කර්මාන්තකරුවන්ගේ දෛනික ආදායමද ශක්තිමත් වූ බව ඔවුන් පවසයි.
කුඩම්මාගේ සැලකිලි
එහෙත් පසුගිය වසරේ සිට කොහු කර්මාන්තයට කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නට පටන් ගෙන තිබීම නිසා කර්මාන්තකරුවන්ට මෙන්ම සිය කර්මාන්තයටද නරක කල දසාවක් ලබා ඇති බව කර්මාන්තකරුවෝ පවසති. ඒ අන් කිසිවක් නිසාවෙන් නොව එම කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන සිය නිෂ්පාදන සඳහා පවතින උග්‍ර අමුද්‍රව්‍ය ක්ෂය වීම නිසා බව ඔවුහු පවසති. නිසා නුදුරේදීම තමන්ට කොහු කර්මාන්තයට සමුදීමට සිදුවෙනු ඇති බව ඔවුන් පවසයි.
මෙම කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වන නිපයුම් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලණු, කඹ, කොසු, ඉදල්, පාපිසි, බුමුතුරුණු ඇතුළු තවත් විසිතුරු නිෂ්පාදන ය. එම නිෂ්පාදන සඳහා වෙළඳපොළේ ඉහළ ඉල්ලීමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මිල උච්චාවචනය වුවද සිය නිෂ්පාදන ක්ෂණිකව අලෙවි වන බව ද ඔවුහු පවසති. මෙහි තමන් විසින් සකසා ගන්නා ලද සරළ යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් සිය නිෂ්පාදන සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
නමුත් මේ දිනවල පවතින උග්‍ර අමුද්‍රව්‍ය හිඟයත් පාරම්පරික කර්මාන්තකරුවන්ගේ නික්ම යාම වැනි කරුණු නිසා ද නුදුරේදී තම කර්මාන්තය සම්පූර්ණයෙන් වැසී යාමේ තර්ජනයට මුහුණ දී ඇති බව ඔවුන් කියයි.
අපි මේ සම්බන්ධයෙන් කොහු කර්මාන්තකරුවන්ගෙන් විමසීමක් කළෙමු.
අපි කාටවත් අතපාපු අය නොවේ, ඒත්...
වීරපුර, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පාරම්පරික කර්මාන්තකරුවෙකු වන එස්.පී. ගුණසිරි මහතා,
‘‘ඒ කාලේ අපි මේ කර්මාන්තය කරගෙන ගියේ කාටවත් අත නොපා. මොකද මේ රස්සාවට ඒ තරම් වැදගත්කමක් ඒ දවස්වල තිබුණා. අද ඒ තත්ත්වය පහළ වැටිලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම දකින විදියට එකක් තමයි නවීන උපකරණ වෙළදපොලට හඳුන්වා දීලා තියෙනවා. තව දෙයක් තමයි අද ඉරටු රත්තරං ගාණට වැටිලා, ඉරටු කිලෝ එකක් රුපියල් 40ක් 50ක් වෙනවා, හේතුව තමා ගෙඩි පොල් අත්තක් පොල් වතු අයිතිකරුවන් දෙන්නෙ රුපියල් 35ට විතර. ඒ නිසා එයාලට ලාභයි පොල් අතු දෙන එක. මොකද පොල් අත්තක ඉරටු කිලෝ එකක් ලබා ගන්න බැහැනෙ. ඔන්න ඔතනදී ඉදල් නිෂ්පාදනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වෙනවා. කොසු, ඉදල්වලට මිටවල් හොයන්න බැරි වෙලා තියෙනවා. මොකද වනජීවි එක කැලේට යන්න දෙන්නෙ නැහැ. කොහු හොඳටම හිඟයි. අපිට මෝල්වලින් ලැබෙන්නෙ බාල කොහු. ඒවා ගෙනල්ලා ලණු අඹරන්න බැහැ. මේ කාරණා නිසා අපේ කර්මාන්තය තව අවුරුද්දකින් වැහිලා යන මට්ටමකට පත් වෙලා තියෙනවා ’’
බාල පරපුර මේ රස්සාවට කැමති නැහැ
මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පාරම්පරික කර්මාන්තකරුවෙකු වන සුමනාවතී මහත්මිය,
‘‘අද මේ රස්සාව කරන්න බාල පරපුර අකමැතියි, ඒ වගේම ලැජ්ජයි. ඒත් මේ රස්සාව තරම් හොඳ රස්සාවක් තව නැහැ කියලා මම ඕනෑම තැනක කියනවා. මොකද කාටවත් යටහත් නැහැ, අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. කවදාවත් අපේ නිෂ්පාදන කල් ඉකුත් වෙන්නෙ නැහැ. අපිට හිතූ විදියට සල්ලි හොයන්න පුළුවන්කම තිබුණා, නමුත් අද වෙද්දි ඒ තත්ත්වය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අද රුපියල් 1000ක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. නිෂ්පාදන කරන්න වුවමනා කරන අමුද්‍රව්‍ය හොයාගන්න හරිම මාරුයි
ලණු මඩුවල මැස්සෝ ඇහිරෙනවා
මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.රමණි සේපාලිකා මහත්මිය,
‘‘ඉස්සර අපිට නිදහසක් තිබුණෙ නැහැ, රෑ දහවල් දෙකේම වැඩ කළා. ඒ කාලේ අපේ භාණ්ඩ වලට හොද ඉල්ලුමක් තිබුණා. අද එහෙම නැහැ. ලණු මඩුවල මැස්සෝ ඇහිරෙන්න පටන් අරන්. එක හේතුවක් භාණ්ඩ නිෂ්පාදනය කරන බාස්වරු හොයා ගන්න බැරි එක. හොයා ගත්තත් එයාලට ලොකු පඩියක් ගෙවන්න විදියක් නැහැ. භාණ්ඩ හදන්න අමුද්‍රව්‍ය හොයා ගන්නෙ හරියට කළුනික හොයා ගන්නවා වගේ පුදුම අමාරුවක් තියෙන්නෙ.
කේ.ප්‍රියංකර - පුත්තලම
0 comments :
Post a Comment