භාෂා ප්‍රශ්නය තොරතුරු පනතට බාධාවක් - ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමා නඩේසන්

භාෂා ප්‍රශ්නය තොරතුරු පනතට බාධාවක් - ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමා නඩේසන්

ඔහු මේ බව කියා සිටියේ වසරකට පසු "පුරවැසි ජනතාව බල ගැන්වීම" යන තේමාව යටතේ අද (08) කොළඹ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පැවති අන්තර්ජාතික සම්මන්ත්‍රණය සඳහා එක්වෙමිනි.

2015 නව රජය බලයට පැමිණි පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් එහිදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එම පනත ජනතාව අතරට ගෙන යාමට කටයුතු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නඩේසන් මහතා,

"මේ වන විට රට තුළ තොරතුරු නිලධාරීන් 8000 ක් පමණ පත් කරලා තිබෙනවා. නමුත් සමහර පළාත්වල මේ සඳහා බාධා තිබෙන බැවින් එම අඩුපාඩු හඳුනාගැනීමට අනෙකුත් රටවල සාමාජිකයන් සමග එකතුවෙලා එම අඩුපාඩු සකසා ගැනීමට කටයුතු කිරීමයි මෙම සම්මන්ත්‍රණයේ පරමාර්ථය."

මෙම සම්මන්ත්‍රණය රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලය සමඟ සහයෝගීව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින් සංවිධානය කරනු ලැබේ.

මෙම සම්මන්ත්‍රණය දෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙහිදී තොරතුරු සොයන්නාගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, සිවිල් සමාජයේ සහ මාධ්‍ය භූමිකාව, අනාගතය පිළිබඳ අවදානම් සහ ආරක්ෂාව පිළිබඳ, RTI නීති සහ තාක්ෂණික තොරතුරු අනාවරණය කිරීම තේමා සැසි මාලාවක් ආවරණය කරයි. නෝර්වේ, ඉන්දියාව, මෙක්සිකෝව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ මියන්මාරය යන රටවල ප්‍රවීණ විශේෂඥයන්, ශ්‍රී ලංකාවේ ප්‍රවීණයන්, සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්, ජනමාධ්‍යවේදීහු මෙම සම්මන්ත්‍රණය සඳහා එක්වී සිටිති.

kuma nadesan 1

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment