නලයක් කැඩී කෝටි 5ක තෙල් මුහුදට : පරිසර හානියට වගකියන්නේ කවුද?



උස්වැටකෙයියාව මුහුදු තීරයේ සිට මුතුරාජවෙල පර්යන්තයට තෙල් පොම්පකරමින් තිබූ නලයක් කැඩීයාමෙන් තෙල් සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 5ක පමණ අලාභයක් වී ඇතැයි වාර්තා වේ.

බොර තෙල් ටොන් 50ක් පමණ මෙසේ මුහුදට යන්නට ඇතැයි සැලැකේ.

අදාළ නලය කැඩී ඇති බව මාධ්‍ය විසින් තෙල් සංස්ථාවට දැනුම්දෙන තෙක් තෙල් සංථාවේ පරිපාලනය එය නොදැන සිටි බව පැවසේ.

මෙම නලය කැඩී යාමෙන් පැය 4ක කාලයක් මුහුදට තෙල් ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.

අදාළ නලයේ අඩි 200ක පමණ කොටසක් පමුණුව මුහුදු තීරයට ගොඩ ගසා තිබිණි.

පරිසර හානියට වගකියන්නේ කවුද?

කෙසේ නමුත් මේ සිදුවීම පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ ජාතික ජනතා මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මින් සිදුවූ දැරිය නොහැකි පරිසර හානිය පිළිබඳව කතා කිරීමට කිසිවෙක් නොමැති බවයි.

එසේම පරිසරය විනාශ කරමින් කටයුතු කරන ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන හා සංස්ථාවන් ගණනාවකට එරෙහිව තම සංවිධාන නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා පැවසිය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment