කෙරවලපිටිය ටෙන්ඩරය චීනයට ලබාදීමේ යෝජනාව රංජිත් සියඹලාපිටිය හකුලා ගනී.



ආන්දෝලනාත්මක කෙරවලපිටිය  එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබාදීම සම්බන්ධයෙන් අද (19) උදෑසන කැබිනට් මණ්ඩලයට විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉදිරිපත්කල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් දැඩිව විවේචනය කර ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව මෙම ටෙන්ඩරයට අදාළ සියලු ඉදිරි ක්‍රියාමාර්ග ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත යොමුකොට එහි නිර්දේශයන්ට අනුව සිදුකල යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.  

පසුගිය දින කිහිපය තුල සමාජය තුල දැඩි ලෙස කතාබහට ලක්වුණු මෙම  ටෙන්ඩරය චීනයට ලබාදීම පිළිබඳව කැබිනට් හමුවේදී රටට හිතැති අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින්ම රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කර ඇති අතර මහජන මතයට පිටින් ක්‍රියාත්මක වුවහොත් ආණ්ඩුවට වැඩිකල් නොයා දරුණු ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇති බව එහිදී එම අමාත්‍යවරුන්ගේ මතය වී තිබේ.  

මෙම ටෙන්ඩරය චීන සමාගමට හිමිවූවා නම් ඩොලරයේ වෙනස්වීම මත මෙම බලාගාරය ඉදිවූ පළමු වසරේදී රුපියල් මිලියන 2600ක අලාභයක් වාර්තා කරනු ඇති අතර එය අවසන් වසරේදී රුපියල් මිලියන 5000 ක අලාභයක් වනු ඇත. සම්පූර්ණ අලාභය රුපියල් බිලියන 50 ඉක්මවයි. 

මෙම දූෂිත ගණුදෙනුව හරහා කොමිස් ඉපයීමට සූදානමින් සිටි ඉහළ පෙලේ දූෂිත නිලධාරීන් රැසක් කැබිනට් මණ්ඩලයේ මෙම තීරණයත් සමඟ දැඩි ලෙස කලබලයට පත්ව ඇතැයි වාර්තා වී ඇත.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment