Online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි

අද කාලේ ලෝකේ පුරාම තියන රැල්ලක් තමයි online බඩු order කරන එක එහෙමත් නැත්නම් තමන්ට භාන්ඩයක් මිලදී ගන්න අවශ්‍යනම් වෙළද පොලට නොගිහින් අන්තර්ජාලයේ තියන වෙබ් අඩවියක් මගින් භාන්ඩ හා සේවා මිලදී ගන්න එක. උදාහරණයක් විදියට ලොව පුරාම ප්‍රසිද්ධ ebay ,aliexpress, amazon වගේ වෙබ් අඩවි හදුන්වන්න පුළුවන් මීට අමතරව මෙවැනි දේශීය වෙබ් අඩවිද බොහෝ ප්‍රමාණයක් තියනව ඉතින් මේ වෙබ් අඩවි වලින් භාන්ඩ මිලදී ගන්න ගොඩක් දෙනෙක් මේ වෙන කොට ලොකු උනන්දුවකින් කටයුතු කරනවා මේ විදියට ලොව පුරාම ඉන්න ජනතාව මේ විදියට online විදියට භාන්ඩ මිලදී ගන්න හේතු කීපයක්ම තියනව ඒවායින් හේතු කීපයක් වන්නේ
  • කඩසාප්පු වල රස්තියාදු නොවී පහසුවෙන් බාන්ඩ මිලදී ගන්න පුළුවන් වීම.
  • තමන් මිලදී ගන්න බලාපොරොත්තු වෙන බාන්ඩය ගැන මීට පෙර මිලදී ගත් අයගේ අදහස් දැන ගන්න පුළුවන් වීම.
  • වගේම සාමාන්‍ය වෙළද පොළ මිලට වඩා අඩුමුදලට භාන්ඩ මිලදී ගන්න පුළුවන් වීමත් විශේෂ ලක්ෂණයක්
සාමාන්‍ය විදියට වෙළද පොලට ගිහින් භාන්ඩ මිලදී ගන්න හුරු වෙලා ඉන්න ලංකවේ ගත්තොත් අන්තර්ජාලය හරහා භාන්ඩ මිලදී ගන්න එක තවමත් එතරම් ප්‍රචලිත වෙලා නෑ මොකද තවමත් මේ ක්‍රමය ගැන ලංකාවේ ගොඩක් දෙනෙක්ට හිතේ චකිතයක් තියනවා එකට හේතුවක් වෙන්නේ සමහර අයගේ හිතේ බයක් තියනව සල්ලි ගෙව්වට භාන්ඩ ලැබෙයිද?
එහෙමත් නැත්නම් බාල භාන්ඩයක් ලැබෙයිද කියල ඉතින් අපිට කියන්න තියෙන්නේ ඒ ගැන බය වෙන්න දෙයක් නෑ කියල. ඉතින් අපි හිතුව ඔබේ හිතේ තියන චකිතය දුරු කරන්නත් එක්ක අන්තර්ජාලයෙන් භාන්ඩ මිලදී ගන්න පියවරෙන් පියවර පැහැදිලි කරන්න ඉතින් අපි මේ සදහා යොදා ගත්තේ ලෝකය පුරාම ගොඩක් ජනප්‍රිය මෙන්ම ලංකාවට නොමිලේම භාන්ඩ ප්‍රවාහනය කරන ebay වෙබ් අඩවියයි ebay එකෙන් බාන්ඩයක් මිලදී ගන්නනම් මොනවද තියෙන්න ඕනි
  • eBay ගිණුමක් තිබිය යුතුයි.
  • PayPal ගිණුමක් ගිණුමක් එහෙම නැති උනත් අවුලක් නෑ.
  • අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි.
eBay කියන්නෙ මොකක්ද?
 eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.මේකේ තියන භාන්ඩ ලෝකය පුරාම ඉන්න ඕනෑම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන්

 eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
 eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාන්ඩ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.සාමාන්‍යයෙන් මිලදී ගත්ත බාන්ඩයක් දින 21 වගේ කාලයක් ඇතුලත ලංකාවට එනවා

 eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

 eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.  

ebay සම්බන්ධ  අනෙකුත් ලිපි මෙතනින් බලන්න
By Chanuka Wijesundara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment