දෙහිවල ඇන්ඩර්සන් පාරේ තෙමහල් නිවසක දෙවන මහලේ කාමරයක ඇඳක් මතදී 67 හැවිරිදි දෙදරු මවක් ගෙල සිරකර හා මුව තද කර ඝාතනය කර ඇතැයි කොහුවල පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ ස්වර්ණලතා පෙරේරා යන අයයි.
ඝාතනයට ලක්වූ කාන්තාව දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රී සමන්ත පෙරේරා මහතාගේ නැන්දණිය බව පොලිසිය කියයි. මෙම තැනැත්තිය 72 හැවිරිදි සැමියා, දියණිය, ඇයගේ දරු දෙදෙනා හා ඇයගේ සමියා වන නාගරීක මන්ත්‍රිවරයා සමඟ මෙම දෙමහල් නිවසේ ඉහළ මහලේ පදිංචිව
ඇය කාමරයට ගොස් ඇදෙහි සිටි මවට කතා කළද පිළිතුරක් නොවුයෙන් වෛද්‍යවරයකු ගෙන්වා පරික්ෂා කිරීමේදී ඇය මියගොස් ඇතැයි දැනගෙන තිබේ. මේ පිළිබඳව කොහුවල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල හදිසි මරණ පරික්ෂක විපුල මාරසිංහ මහතා කැඳවා ඇත. ඒ මහතාගේ නියෝග මත පශ්චාත් මරණ පරීෂණය පැවැත්වීම සඳහා මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කෙරිණි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය කෝප්‍රල් සංකර් මහතා මරණ පරීක්ෂා කිරීමේදී ගෙල පෙදෙසේ තැළිම්
කතරගම වන්දනාවේ ගිය 16 වැනි දින රාත්‍රියේ මව සමඟ දුරකතනයෙන් කතා කළ බවද ඇයගේ දියණිය පොලිසියට දුන් ප්‍රකාශයක සඳහන්ය. 17 වැනිදා උදේ 9ට පමණ අවදි වී "මට අද තේ නැද්ද” යැයි තමා බිරියගෙන් ඇසූ බව ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පවසා අතැයි පොලිසිය කියයි. තෙමහල් නිවසේ පහත මහලේ පුද්ගලයන් තිදෙනකු නවාතැන් ගෙන ඇති අතර කාන්තාව සිටි නිවසට කිසිදු ආගන්තුක පුද්ගලයකු පැමිණි බවට කිසිදු සලකුණක් දක්නට නැති බවද පොලිසිය කියයි.
0 comments :
Post a Comment