ITN ප්‍රෝග්‍රෑම් නැවතී ඇත්තේ සුවඳ වැඩිවෙලා...?
පසුගිය 16 වැනිදා ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළගැස්ම තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇත්තේ පිරිසිදු කරන්නියක් අතින් සිදුව ඇති අත්වැරැද්දක් හේතුවෙන් බව හෙළිව තිබේ.
නාලිකාවේ වැඩ ආරම්භ කිරීමට පෙර එම නාලිකාවේ සන්නිවේදන කාමරයක් අස්පස් කරමින් සිටි පිරිසිදු කරන්නියක් සුවඳ විලවුන් විදිනයකින් විලවුන් විඳිමින් සිටියදී එහි වූ ස්විචයකට සුවඳවිලවුන් ගොස් ඇති අතර එම තත්ත්වය නිසා සුවිචය අක්‍රියවී මේ තත්ත්වය ඇතිව ඇත.
එම තත්ත්වය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව සොයා බැලීමට යුදහමුදාවේ ශ්‍රී ලංකා සංඥා බලකාය (ශ්‍රීලංසංබ) (Sri Lanka Signals Corps) වෙත බාරදී තිබූ අතර ඔවුන් විසින් එහි වූ CCTV කැමරා නිරීක්ෂණය කිරීමේදී මේ තොරතුරු හෙළිකරගැනීමට හැකිව තිබේ.
ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළගැස්ම කාර්මික දෝෂයක් හේතුවෙන් පැයක පමණ කාලයක් එදින අත්හිටුවීමට සිදුව තිබිණි.
වසර 1979 දී ආරම්භ කරන ලද මෙම රූපවාහිනී නාලිකාවේ දෛනික වැඩසටහන් විකාශය කර ගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙය බවද පැවසේ.
0 comments :
Post a Comment