LNG බලාගාර වංචාව : සියඹලාපිටිය ටෙන්ඩර් පත්‍රිකාව අකුලා ගනී.



කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පැවරීමේ යෝජනාව හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු නොකරන ඇති බවට ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

අදාළ ටෙන්ඩර් පටිපාටියේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට අද පෙත්සමක් ද ගොනු කර තිබු අතර මේ වන විට ඊට සමාජ මාධ්‍ය ඇතුළු පොදු මහ ජනතාවගේ දැවැන්ත විරෝධයක් එල්ල වී තිබේ.

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත් කර ඇති දේශීය සමාගම නොසලකා හැර ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 50ක අලාභයක් චීන සමාගමකට ලබාදීම සහ එම ටෙන්ඩර් පටිපාටියේදී අක්‍රමිකතා සිදුව ඇති බව ඊට එරෙහිව අදහස් දක්වන පාර්ශව විසින් සිදුකරන ප්‍රධානත ම චෝදනාවයි.

ජනපතිගෙන් දොස් මුරයක්

කෙසේ නමුත් අදාල සිද්ධිය පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා දුරකතනයෙන් අමතමින් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට දෝෂාරෝපණය කර ඇතැයි Gossip Lanka Political ද වාර්තා කර තිබේ.

එම වාර්තාව පහතින්,

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පැවරීම පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා දුරකතනයෙන් අමතමින් විදුලිබල අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාට දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

"මොනාද රංජිත් තමුසේ මේ කරන වැඩ? මේ වැඩවලින් මාත් සවුත්තු වෙනවනේ අයිශේ" යනුවෙන් විනාඩි කිහිපයක් අමාත්‍යවරයා වෙත බැන වැදී ඇති ජනාධිපතිවරයා එම කැබිනට් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ද උපදෙස් දී තිබේ. 


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment