PTL අවස්ථා 45000කදී මුදල් ගෙවලා.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අවස්ථා 45,000කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳ විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් හෙළිකර ගෙන ඇතැයි වාර්තා වේ.
මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට මුදල් ලබාදීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් වන 'ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්', සහ 'වොල්ට් ඇන්ඩ් රෝ’ යන සමාගම්ද යොදා ගෙන ඇති බවට හෙළි කර ගෙන ඇති රහස් පොලිස් නිලධාරීන්, විවිධාකාර පුද්ගලයන්ට එලෙස මුදල් ලබාදී තිබුණද, එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් බවද හෙළි කර ගෙන ඇතැයි වාර්තා වෙයි.
එලෙස මුදල් ලබාදී ඇති පුද්ගලයන් පිළිබඳ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලේඛනවල සටහන් තබා ඇති බවත්, එලෙස තබා ඇති ඇතැම් සටහන්වල විවිධාකාර පුද්ගලයන්ගේ නාමයන් ඉංග්‍රීසි කෙටි අක්‍ෂරවලින් (මුලකුරු) තබා තිබීම හේතුවෙන් නිශ්චිත පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වේ.
0 comments :
Post a Comment