රජයේ වාණිජ ව්‍යාපාර 55න් බිලියන 1800ක ආදායමක්.



වසර 2017 දී රජය සතු වාණිජ ව්‍යාපාර 55 විසින් රුපියල් බිලියන 1800 ක් තරම් විශාල ආදායමක් වාර්තාකොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක අංශ නියෝජනය කරන රාජ්‍ය ව්‍යාපාර 55 ක් මහ භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර එම ආයතන 2017 දී ලැබු ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 13.22 ක් වන බව ද මංගල සමරවීර මහතා කීය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් ලෝක බැංකුවේ සහ ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය මත සංවිධානය කරනු ලැබූ රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සභාපතිවරු ප්‍රධාන අධ්‍යක්ෂ මඬුලුවල ප්‍රධානීන්ගේ හමුව කොළඹ හිල්ටන් හෝටලයේ ඊයේ (05) උදේ පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළේය.

මෙම අවස්ථාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග, ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රසිස් හච්සන්, අකලංක වික්‍රමසිංහ, ඒ. ආර්. ඩී. ඩී. ඩී. අරන්දර, සමන් කුමාර, කේ. සුදර්ශන මනරම් ද සිල්වා, ලක්මින් කුමාර, එම්. ආර්. වී. ආර්. මීපුර, කේ. වී. සී. ඩිල්රුක්ෂි යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල, ජී. ඩී. චන්ද්‍රා ඒකනායක, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එන්. කේ. ජී. කේ. නැම්මවත්ත, රාජ්‍ය වාණිජ ව්‍යාපාරවල සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment