ලංකා IOC සහ සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට.



ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මඟින් අලෙවි කරන ඉන්ධන මිළ ගණන් ද ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 146 දක්වා ද  එක්ස්ට්‍රා ප්‍රිමියම් (EURO 4) 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 158 දක්වා ද ඉහළ නංවා ඇත.

එක්ස්ට්‍රා ප්‍රිමියම්(EURO 3) පෙට්‍රල් ලීටරයක් රුපියල් 149 දක්වා ද ඉහළ නංවා තිබේ.

ඔටෝ ඩීසල් ලීටර්යක් රුපියල් 118ක් වශයෙන් ද එක්ස්ට්‍රා මිලි ඩිසල් ලීටරයක් රුපියල් 122ක් වශයෙන් ද මිල ඉහළ නංවා තිබේ.

සුපිරි ඩිසල් (EURO 4) ලීටරයක් රුපියල් 129ක් වශයෙන් ද මිල ඉහළ නංවන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ප්‍රකාශ කළේය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 

පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහලට - UPDATE

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහල යයි.

පවතින මිළ 137 ක් - නව මිල රුපියල් 145 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 155 ක්.

ඩීසල් ලීටරයක් රුපියල් 09 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 118 ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල වන්නේ රුපියල් 129 ක්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment