ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකුට ලක්ෂ 60 ඕවර් ටයිම්


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014  නිශාන්ත වික්‍රමසිංහ සභාපති කාලයේ රුපියල් ලක්‍ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිව තිබේ.
කොමිසම හමුවේ අද සාක්‍ෂි දෙනු ලැබු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලේකම්වරිය වන ඩැලරින් තිරුකුමාර්

මහත්මිය 2011 වසරේ පෙබරවාරි මස එක් රියදුරෙකු රුපියල් ලක්‍ෂ 8 ඉක්මවා අතිකාල ලබාගෙන ඇති බව, මෙහිදී හෙළි කළාය.
මේ පිළිබඳ ලිඛිත තොරතුරු ලබන 11 වැනි දින ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා නියෝග කළා. 2013 වසරේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කර ඇත්තේ ද 2003 ව්‍යවසාය මාර්ගෝපදේශනයට පටහැනිව බව ලේකම්වරිය මෙහිදී කියා සිටියාය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා රුපියල් ලක්‍ෂ 5ක මාසික දීමනාවක් ලබාගෙන තිබෙන අතර එය, ශ්‍රී ලංකන් සමාගමෙන් ගෙවිය යුතු වුවද, එහි හරි අඩක් ගෙවා ඇත්තේ, ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් බව අනාවරණය විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget