කාන්තාවකට හිරිහැර කළැයි ධනුෂ්කට තරග තහනමක්.



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර කාලයේදී කාන්තාවකට හිරිහැර කළ බවට පොලිසියට කර ඇති පැමිණිල්ලක් හේතුවෙන් මේ තීන්දුව ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්ක ගුණතිලක, ක්‍රීඩක ආචාර ධර්ම කඩ කළ බවට කණ්ඩායම් කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ධනුෂ්කට අදාළ කරුණු විමසීම තවදුරටත් සිදු කරන බවයි.

එම විමර්ශන කටයුතු නිමා වීමෙන් අනතුරුව මේ වන විට ක්‍රියාත්මක වන දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්කට හිමි තරග ගාස්තුව ලබා දෙන්නේ ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මෙම දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහු සහභාගිවීම අවිනිෂ්චිත බව පැවසේ.

ධනුෂ්ක ශ්‍රී ලංකා එක්දින පිලේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment