චීන ගනුදෙනු විවාදෙදි විමල්ගෙ තහනම් වචනෙ මහින්ද


නිව්යොර්ක් ටයිම්ස් හෙළි කළ චීන වරාය සම්බන්ධ මහින්ද රාජපක්ෂගේ ගනුදෙනුවට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේ පවත්වද්දී විවාදයට සම්බන්ධ වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී විමල් වීරවංශ සිය කතාව තුළදී එම ගනුදෙනුව සම්බන්ධ කිසිදු දෙයක්
හෙළි නොකිරීම කැපී පෙනිණි.

ඔහුගේ කතාව තුළ මුළුමනින් පළවූයේ වත්මන් රජය පිළිබඳ විවේචන හා ඉතිහාසයේ සිට ඇමරිකානු සහාය එජාප ආණ්ඩුවලට පැවති බවට කරන ප්‍රකාශයන්ය,

එම නිසා ඔහුගේ කතාවට බාධා කරමින් අවස්ථා ගණනාවකදීම මාතෘකාවට අදාළව කතාකරන ලෙස ඉල්ලීම් කෙරුණත් ඔහු එ් ගැන කතා නොකළේය,
විමල්ට පසුව කතා කළ අධ්‍යාපන ඇමති අකිල විරාජ් ද විමල් වෙනත් දේවල් කියූ බවට විවේචනය කළ අතර එම අවස්ථාවේ විමල් පවසා සිටියේ හිටපු ජනපතිවරයා සහ චීන නියෝජිතයින් සියලු කරුණු ප්‍රතික්ෂේප කළ නිසා තමන්ට ඒ ගැන කිසිවක් කියන්නට නැති බවයි.

අද දින විවාදය මහින්ද රාජපක්ෂ මගහැර තිබුණ අතර විවාදයට ආණ්ඩු පක්ෂයේ සහභාගීත්වයද දුර්වල මට්ටමක පැවතිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment