ගෝඨාට එරෙහිව සැක සහිත ජිනීවා පැමිණිල්ලක්.



තම පියා සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය බවට කරුණු දක්‌වමින් ප්‍රංශයේ සිට පැමිණි ඩිලිසන් ස්‌ටිව් නමැති තරුණයකු විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

එවකට 8 හැවිරිදි වියේ පසුවූ තමා තම පියා සමග එකම අසුනේ වාඩිවී කුරුඳුවත්තේ වාහනයකින් ගමන් කරමින් සිටියදී එකවරම සුදු වෑන් රියකින් පැමිණි දෙදෙනකු පියා පැහැරගත් බවද එම 17 හැවිරිදි තරුණයා ප්‍රකාශ කර තිබේ.

තම පියා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු බවද එම තරුණයා තවදුරටත් සඳහන් කර ඇත.

2008 වසරේදී සිදුවූ බව කියන මෙම පැහැර ගැනීමට අදාළව 2018 දී මානව හිමිකම් කවුන්සිලයට පැමිණිළි කළේ මන්ද යන්න මානව හිමිකම් බලධාරීන් එම තරුණයාගෙන් විමසා නැත.

මොහු මානව හිමිකම් සැසිවාරයට රැගෙනවිත් ඇත්තේ ප්‍රංශ ඊළාම් සංවිධානයයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහි පසුගිය මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් සැසියේදී ජෙයනි ත්‍යාගරාජා නමැති තරුණියක්‌ද සිය සොහොයුරා පැහැරගෙන ගොස්‌ ඇති බවට පැමිණිලි කළාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment