සංචාරක සත්කාරක නිවාස වැඩමුළුව දෙණියායේ දී.



ශ්‍රී ලංකා සංචාරක සත්කාරක අධිකාරිය විසින් මෙහෙයවන තවත් සංචාරක සත්කාරක නිවාස වැඩමුළුවක් පසුගිය දා දෙනියාය කොටපොළ ප්‍රාදේශීයසභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා සත්කාරක නිවාස සාමාජිකයින් 161 දෙනෙකු සහභාගී වූ අතර, දේශපාලනික වශයෙන් ගරු තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික ජයරත්න මහතා,කොටපොල ප්‍රාදේශීය සභා සභාපතිතුමා, විපක්ෂ නායකතුමා සහ නාගරික මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී විශේෂත්වය වශයෙන් රාජ්‍ය ණය යෝජනා ක්‍රමය සහ ඒ සඳහා සංචාරක ව්‍යාපාරයට ලබාදෙන දායකත්වය සම්බන්ධව මහජන බැංකුව මාතර දිස්ත්‍රික්ක ප්‍රධානකළමණාකාර, ශාඛා කළමණාකාර හා ලංකා බැංකුව ශාඛා කළමණාකාර විසින් දැනුවත් කරලීමයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment