තෙල් මිල වැඩි වුණාලු ජනපති අඩු කළාලු -අවුලක්

යේ රාත්‍රී සිට ඉන්ධන මිල වැඩි කිරීම හා පසුව ජනපති මැදිහත්වී මිල වැඩිවීම වැළැක්වීම අනුව අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
මුදල් අමාත්‍යාංශය ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
දැනුම්දීමක් සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද
පාර්ලිමේන්තුවේදීත්
කියා සිටියා.
‘ඊයේ මාධ්‍ය රාත්‍රියේ සිට පෙට්‍රල් ෂෙඩ් වලට ගොස් මේ මිලට තමයි එම ආයතන විකුණා
දැමුවේ.හැබැයි ජනාධිපතිවරයා විසින් දැන් තෙල් සංස්ථාවට නියෝග කරලා තියෙනවා  පරණ මිලටම
තෙල් ලබාදෙන්න කියලා.ඒ නිසා අපිට පළමු කොටම

දැනගන්න ඕනේ මේ සඳහා කැබිනට් මණ්ඩලයෙන්
අනුමැතියක් ගත්තද? අනිත් එක තෙල් සංස්ථාවෙන් වැඩිකර තිබියදී ජනාධිපතිවරයා නැවත අඩු කිරීමේදී
ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුයි.‘
ඉන්ධන මිල සූත්‍රයට අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩීසල්
ලීටරයක මිල රුපියල් 9 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.
දැනට පවතින මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය වන අතර, ලබන
සැප්තැම්බර් 5 වන දින යළි ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට ගත් තීරණය අද උදෑසන අත්හිටුවීමත් සමගම රටපුරා ඉන්ධන බෙදාහැරීමේ ගැටළුකාරී තත්වයක් මතුව ඇත. මුදල් අමාත්‍යංශය විසින් වැඩි කළ ඉන්ධන මිල ගනන් අද උදෑසන ජනාධිපති වරයා විසින් අත් පිහිටුවීමත් සමගම තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම් කටයුතු මේ වන විට අතරමඟ නතර වී ඇත .
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධ ව ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා ඒ කිසිවක් දැන නොසිටි අතර මේ තීරණය මුදල් අමාත්‍යංශය විසින් ගත් ලබා ගත් තීරණයකි ඊයේ රාත්‍රියේ සිට දින පිරහුම් මල් අතර දිගු පෝලිම් තිබූ අතර මේ හේතුව නිසා මේ වන විට ඉන්ධන හල ඉන්ධනහල්වල තෙල් අවසන් වී ඇති අතර මුදල් අමාත්‍යංශය දැනුම් දීමක් කරන තුරු සංස්ථාව තෙල් බෙදා හැරිමේ කටයුතු මේ වන විට නතර කර ඇත.
මේ අතර වාර්තාවූයේ ඊයේ රෑ සිට පැය කිහිපයක් තුළ වැඩි මලට ඉන්ධන ලබාගත් අයට එම බිල් පෙන්නාවැඩිපුර ගෙවූ මුදල ඉල්ලා සිටිය හැකි බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment