ධාවන බලපත්‍රයට පගාගත්තාට වසර 40 ක සිර දඬුවම්


‍ධාවන බලපත්‍රයක් ලබාදීම සඳහා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 08 කට වරදකරුවූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු ධාවන කළමනාකරුවෙකුට වසර 40 ක සිර දඩුවම් නියම කර තිබේ.

එම දඩුවම

වසර 05 කින් ගෙවී යන පරිදි ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කල බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සදහන් කළේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක් සහ ඔහු අල්ලස් ලෙස ලබා ගත් රුපියල් 10,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

එමෙන්ම බස්රථ හිමිකරුට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර ඇත.

2015 වසරේදී සිදුවූ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන්  එම දඩුවම නියම කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment