ETI මිල දී ගන්නේ සිංගප්පූරු - ශ්‍රී ලංකා හවුල් සමාගමක්.



සිංගප්පුරුවේ ලියාපදිංචි සමාගමක් වන Blue Summit සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Ben Holdings යන සමාගම් දෙක විසින් ඒකාබද්ධව අර්බුදයට පත් මූල්‍ය සමාගමක් වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.සී. සිරිවර්ධන මහතා මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා මෙසේ කරුණු දැක්වීය.

“සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 75 යි. වාරික දෙකකින් මෙම ආයෝජනය ලැබෙනවා. පළමු වාරිකය ඩොලර් මිලියන 43 යි. දෙවන වාරිකය ඩොලර් මිලියන 32 යි.“

“පළමු ඩොලර් මිලියන 43 වාරිකයෙන් ඩොලර් මිලියන 32 ක් මේ වන විට ගෙවා තිබෙනවා ETI වෙත. එම මුදල් තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්වලින් 10% ක් ගෙවීමට යොදා ගත්තා පසුගිය සති කිහිපය තුළ දී. තවත් මිලියන 11 ක් බැංකු ගිණුමට ඇවිත් තිබෙනවා.එම ගිණුම තිබෙන්නේ කාගිල්ස් බැංකුවේ. එය ඉතා ඉක්මනින් ETI වෙත නිදහස් කරනවා. එම මුදලත් සමඟම මෙම ආයෝජනයේ පළමු වාරිකය සම්පූර්ණ වෙනවා.“

“දෙවන වාරිකය ජූනි අවසානයේ දී ගෙවීමට මුලින් එකඟ වුවත් දැන් ඔවුන් ඉල්ලීමක් කරලා තිබෙනවා එම කාලය දීර්ඝ කිරීමට. ජූලි අවසානය දක්වා. රුපියල් බිලියන 11.5 ක් ETI වෙත ලැබෙනවා.එය දැනට සිටින තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට යොදා ගන්න පුළුවන්.“

මේ අතර අදාළ ආයෝජකයාගේ අනන්‍යතාවය හෙළිකළ හැකිදැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

“Investor is a joint investor, Blue Summit, registered in Singapore and Ben Holdings which is the company registered in Sri Lanka.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment