යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකට සේවා දිගුවක්.



යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

ඒ, සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සඳහන් කළේ, මහේෂ් සේනානායක මහතා ලබන 19 වන දා යුද හමුදාපති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබූ බව ය.

මෙරට 22 වන යුද හමුදාපතිවරයා ලෙස සේනානායක මහතා පත් වූයේ, 2017 වසරේ ජූනි මස 27 වන දා ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment