කෝට්ටේ පිරිමි විද්‍යාලයේ ඇරඹූ ස්මාර්ට් පන්ති කාමර ක්‍රමය

https://www.gossiplankanews.com/2019/02/kotte-school-smart-class-rooms.html#more
සුගිය සතියේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියළුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් කිරීමෞ උත්සවයක් පැවැත්විණි.
ලංකා ඉතිහාසයේ ස්මාර්ට් පන්ති කාමර ශ්‍රේණියක් තනි පාසලකට ලැබුණ අවස්ථාව මෙයයි.
මෙහි ඉගෙන ගන්නා දරුවන් හට
පැන්සල් හෝ පැන් අවශ්‍ය නොවේ අවශ්‍යවන් නේ ටැබ් එක පමණි. අතින් ලිවීමිට අවශ්‍ය නම ස්මාර්ට් Smart Pen එකක් ලබාදී ඇත. ගුරුවරයා පන්තියේ කලු ලැල්ල ලෙස ඇති විශාල ස්මාර්ට් තිරයේ සිසුන්ට  ඉදිරිපත් කරනා විඩියෝව හෝ පවර් පොයින්ට් ෂෝ එක  පෙන්වයි. 3D තාක්ෂණය

අනුව නිමැවූ උපහැරණද දැක්වීමට හැකිය.

ඩිස්ප්ලේ එකේ ඇති එක බොත්තමක් එබීමෙන් ඒ පාඩම් සටහන් දරුවන්ගේ ටැබ් වෙත ගමන් කරයි. දරුවන්ට එය හොඳින් මතක හිටින පරිදි මේ ක්‍රමයෙන් ඉගැන්වීමට අවකාශ ලැබේ.

එක ළමයෙක් හෝ තම පාඩම් වෙනුවට වෙන සටහනක් බලන්නේ නම් ගුරුවරියගේ ස්මාර්ට් ඩිස්ප්ලේ එකේ හෝ ටැබ් එකේ ඒ බව දරුවාගේ නම සමග වැටේ.එමෙන්ම මෙම සියලු දරුවන්ගේ ටැබ් සහ ගුරුවරියගේ ස්මාර් ඩිස්ප්ලේ සහ ටැබ් යන්ත්‍ර එකට සම්බන්ධ වී ඇත්තේ සුවිශේෂ ක්ලවුඩ් එකක් හරහාය.
මෙමගින් 3D තාක්ශණය පමණක් නොව Augmented Reality තාක්ශණයද යොදාගනි සංකිර්ණ රසායනික අනු වැනි දේ දරුවන්ට කරකවමින් හරවමින් ඉගෙන ගත හැක.පසැලේ දෙන ගෙදර වැඩ දරුවන් නිවසේදී කර එවලේම ගුරුවරයා වෙත යැවීමට හැකියාවද පවති.

මෙම ටැබ් වලට විෂය නිර්දේශය සහ පසැල් පෙළ පොත් සියල්ල ඩිජිටල් ලෙස සපයා ඇත.ඒවායේ විෂය කරුණුවලට අදාල රුප පමණක් නොව හඩපට විඩියෝ සහ 3D ඡායාරුපත් සහිතය.
මෙම පද්ධතිය නුදුරේදී තවත් පාසල් වලට හඳුන්වාදෙන්නට නියමිතය.










Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment