පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු - අනුරාධපුර මව හා දුවගෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්

සුගියදා අනුරාධපුරයේදී ඝාතනයට ලක්වූ ගරාජ් හිමි සුජීව සම්බන්ධ සිද්ධියේදී මියගිය අයගේ බිරිය හා දියණිය රටම නොමග යවමින් ‘ඇඳුම් ගලවාදැමීමක්‘ ගැන පැවසීම මෙන්ම මියගිය අයගේ පැටිකිරිය සඟවා කථා කිරීම සම්බන්ධයෙන් ඉරිදා දිනයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කරුණු හෙළිදරව් කළේය.
විලාප දෙමින් කෑමොරගසමින් මාධ්‍ය අතර පුධාන පුවත් මැවූ මියගිය සුජීවගේ බිරිය හා දියණිය මළගෙදර අතරවාරයේදීම මෙම හෙළිදරව් කිරීම් වැරදි බව පවසමින් ඊයේ (9) සඳුදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා
තිබේ.
 ප්‍රධාන රූපවාහිනී නාලිකා 5 ක මයික්‍රෆෝන ඉදිරියේ ඔවුන් කථාකරමින් පවසා සිටියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියූ දේවල් බොරු බවයි.
කෙසේ වෙතත් සුජීවගේ බිරිය එහිදී සියලුම චෝදනා වලට පිළිතුරු නොදී ඇතැම්වා මගහරින්නීය. සුජීවට එරෙහි අනෙක් නඩු 4 ගැනත් අැසිඩ් ගසන තර්ජන ගැන ආ

ඇමතුම් ගැන මින් පෙර කියූ දේවල් ගැනත් ඔවුන් පවසන්නේ නැත.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුජීවගේ බිරිය හා දියණිය පැවසූ දේ පහතින්

සුජීවගේ බිරිය
මේ වගේ ලිංගික නඩුවක් තියනවා නම් තනිකරම අනුරාධපුර උසාවියෙන් හොයල බලන්න පොතක් අරගෙන මේ අනුරාධපුර දිස්ත්‍රික්කෙම යන්න කියන්න මේ කවුද රුවන් මේ මාධ්‍ය ප්‍රකාශක තුමාට. මගේ මනුස්සයා වනචරයෙක්ද කියලා. මුළු අනුරාධපුරම ගෑනුන්ගෙන් අහන්න කියන්න.
අප්‍රේල් 11 වනදා චමින්දට ගැහුවයි කියන එකේ සත්‍යතාවයක් නෑ. මායි මගෙ අම්මගෙ දානෙ තිබ්බෙ. පුතයි පසිඳු කියල පුතෙකුයි බයික් එකේ ආවා.මායි මහත්තයයි ආවා කරෙකේ. ඒත් එක්කම මං දැක්ක නිකං කළුපාට කරෙකක් පියටිපස්සෙන් එනවා වගේ.ඔය මිනීමුරුමට යොදාගත්ත වාහනයමයි. චමින්ද කියන පුද්ගලයා මගෙ පුතාට නිකල් පිහියකින් අනිද්දිම මගෙ පුතා මෙහෙම බිමට වැටුණා. එහෙම බිමට නැමෙන කොටම මහත්තය ගිහින් චමින්දට ගැහුව නෑ කියන්නෑ එකක් ගැහුවා. චමින්දගෙ ඔය මැරයො සේරම ටික අපි පස්සෙන් පැන්නුවා. පස්සෙ අපෙ පියර්ස් එක කුඩු කළා. මං පොලිසියට දැම්මා පියර්ස් එක. වාහනේ හරවගත්තා මැරයො සේරම ටික ගියා. ඕක තමා සත්‍ය සිදුවීම මං කියන්නේ. මේ දෙන්නා ගියේවත් නෑ. 9 වනදා  හතරහමාරට තමා සිද්ධිය වුනේ.

මාධ්‍යවේදියා
ඇඳුම් ගලවපු සිද්ධිය ගැන කට උත්තර දුන්නැද්ද?

සුජීවගේ දියණිය
මල්ලිට විස්සක් විතර වටකරගෙන ගහනව කියල ඇන්ටිකෙනෙක් මට කිව්වා. මං ගිහාම මං ඇඳන් හිටිය ගවුම මගේ ඉනෙන් පල්ලෙහාට ගැලෙව්වා.ගලවල මට කම්මුලට ගහලා මගෙ යටිබඩ පාගල මට පෙන්නුව සිප් එක ගලවලා.ඊට පස්සෙ අම්මගෙ මාලෙ කඩල කියල කෑගැහුවා එතැන ඉන්න ඇන්ටිල වගයක්. එතැන 20ක් විතර හිටිය ගාණ මතක නෑ. පස්සෙ මේ ගැන පොලිසිය මගෙන් අහල ලියාගත්තා කට උත්තර.

සුජීවගේ බිරිය


හොස්පිටල් එකේ නතරවුණ වෙලාවේ එදා දුවගෙන් පොලිසිය දෙන්නෙක් ඇවිල්ල කට උත්තර ගත්තා.ඇඳුම් ගලවල කියල ලියපු ප්‍රකාශය මං ගාව තියනවා.

සුජීවගේ දියණිය
ඒක සටහන් වෙලා නෑ කියන එක තමා මට තියන ප්‍රශ්නේ.ඇයි එහෙම කරන්නෙ කියලා.

මාධ්‍යවේදියා
බී වාර්තාවත් මේවනවිට දීපු බව කියනවා?

සුජීවගේ බිරිය
බී වාර්තාව වැරදි විදිහට දෙන්න ඇති පොලිසිය.ඒක පොලිසියෙන් තමා අහන්න වෙන්නේ.

මාධ්‍යවේදියා
මේව කියන්නේ මාස 9 කට පස්සෙද කියල අහනවා?

සුජීවගේ බිරිය
මම ඒක හොයල බලන්න බැරිවුණා.මං හිතුවා උසාවියෙන් ඒ ගැන නඩුවක් කැඳවයි කියලා.මං පොලිසියෙන් අහද්දි පොලිසියෙන් කියනව අහවල් දිනේට ඔයාට සිතාසියක් එයි. එතකොට ඔයාලා ඉදිරිපත් වෙන්න නඩුව යනව කියල.

සුජීවගේ දියණිය
මාධ්‍ය ප්‍රකාශකතුමා අර විදිහට අපට කියන නිසා දැන්.. අපට ඔක්කොමහ කොමෙන්ට් දානව මැසේජ් දානව ගලවපු ඇදුම් පෙන්නන්කො මං ඔයාව බඳිනවා දූෂණය වුණත් කමක් නෑ. අනං මනං සෑහෙන්න බලන්න බැරි ඒව දානවා. ම කොහොමද පාරෙ බැහැල යන්නේ.

සුජීවගේ බිරිය
මගේ ලොකුදුව බැඳල ඉන්නෙ වැදගත් තැනකින් පොඉඩිදුව බඳින්න හිටියේ වැදගත් තැනකින් ඒකත් දැන් නැවතිලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා එහෙම කියපු හින්දා. මොකද කරන්නෙ අපිව මරල දාලා ගියොත්


සුජීවගේ දියණිය
එහෙම මරල දැම්මොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා වගකීම බාරගන්නවද කියල මං අහනවා.

---------------
මෙම චෝදනාවන්ට නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊයේ සවස ප්‍රතිචාර දක්වා තිබෙන අතර ඔහු ඒවා බැහැර කරමින් පවසා ඇත්තේ ‘ලිංගික අතවර කිරීමේ සිද්ධියේ වීඩියේවකුත් තියනවා...උවමනා වුණොත් ඒවත් මාධ්‍යයට මුදා හරින්න අපට හැකියාව තියනවා‘ ලෙසිනි.

------------සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා-----------
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment