බද්දේගම මාජුවාන ප්‍රදේශයේ ගවපට්ටියක කිරි එළදෙනක විසින් පසුගියදා ප්‍රසූත කරනු ලැබූ ඔළු දෙකකින් යුතු වසු පැටියා මේ වන විට බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රදර්ශනයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ විද්‍යාලයේ විදුහල්පතිනි කේ.කේ.කේ. කොඩිතුවක්කු මහත්මිය.
මේ අරුම පුදුම වසු පැටියා පිළිබඳ ආරංවිය ලැබුණු ගමන්ම අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේ සතා ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ යුතු යැයි තීරණය කළා.ඒ සඳහා අපේ විද්‍යාලයට උදවු කරමහත්මයෙක් ඉදිරිපත් වෙලා ගෝනාපීනුවල සිංහ මල් ශාලාව සම්බන්ධ කරලා දුන්නා. එහි අධිපති පියල් අමරසිංහ මහත්මයා විශාල කැපවීමකින් බෙහෙත් ගල්වලා මේ සතා බොහෝ කාලයක් සුරක්ෂිතව තබාගන්න සකස් කරලා දුන්නා. එතුමාට විද්‍යාලය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවෙනවා යැයි පැවැසීය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment