බිස්කට් පැකට් එකක් සොරකම් කළ කාන්තාවට අත්හිටවූ සිර දඬුවම්


 ගම්පහ යක්‌කල සියනෑ විලේඡ් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලකින් රුපියල් 120 ක්‌ වටිනා බිස්‌කට්‌ පැකට්‌ එකක්‌ සොරා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට රුපියල් 1500 ක දඩයක්‌ ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා 19 වැනිදා නියම කළේය.

 එම

දඩ මුදලට අමතරව බරපතළ වැඩ ඇතිව එක්‌ වසරක සිරදඬුවම් නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා එම සිරදඬුවම වසර 05 කට අත්හිටු වන ලෙසට නියම කළ අතර අගතියට පත් පාර්ශ්වයට රුපියල් 2500 ක වන්දි මුදලක්‌ ගෙවන ලෙසට ද නියම කෙරුණි.

 2017 වර්ෂයේ අගෝස්‌තු මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉහත චෝදනා සිදු කිරීම සම්බන්ධයෙන් වත්තගේ සිරියාවති නමැත්තියට මෙසේ අත්හිටුවූ සිරදඬුවම්, දඩ සහ වන්දිමුදල් ගෙවීමට නියම විය. යක්‌කල පොලිසිය පැමිණිල්ල මෙහෙය විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment