ස්පීඩ් චෙක් කරන්න ඩමි ට්‍රැෆික් පොලිස්

ලංකාවේ බොහෝ රියදුරන් පොලිසිය දකින විට පමණක් නීතිය අනුවත් පොලිසිය නැති තැන අවනීතියෙනුත් වාහන ධාවනය කරනු කොතෙකුත් වාර්තාවේ.
මෙම ආකල්පය නිසාම වාහන අඩුවෙන් පෙනෙන
පොලිස් අධික්ෂණයක් නැතැයි සිතෙන පාරවල් වල අධික වේගයෙන් හිතුහැටියට ධාවනය කරන්නට ඇතැම් රියදුරන් කටයුතු කරන අතර ඒ නිසාම දිනෙන් දින අධික මාර්ග අනතුරු සංඛ්‍යාවක්ද වාර්තා වෙයි. පොලිස් වේග මාපකයට හසුවන නිසා පොලිසිය දුටු තැන වේගය බාල කරන රියදුරන්ද සිටී.

මේ සදහා විකල්පයක් ලෙස පොලිස් නිලධාරියෙකු වේගය පරීක්ෂා කරන බව හගවන ට්‍රැෆික් නිලධාරීන්ගේ ඩමී පුවරු දිවයින පුරා පිහිටුවන්නට තීරණය කර තිබේ.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පුත්තලම කොළඹ මාර්ගයේ එසේ පිහිටුවා ඇති ඩමි කිහිපයකි.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම පුවරු මාර්ග ආසන්නයේ හුදෙකලාව සවිකර නොයන බවයි. ඒවා සවිකළත් ඒ අසළම පොලිස් නිලධාරීන්ද ගැවසෙනු ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment