දරුවාට මත්පැන් පෙවූ පුද්ගලයා හඳුනාගැනේ

https://www.gossiplankanews.com/2018/07/beer-kid-galgamuwa.html#more
මේ දිනවල සමාජ ජාලා තුළ පැතිර ගිය වීඩියෝවකින් නිරූපණය වූයේ සාදයක් අතරතුරදී කුඩා බිළිඳෙකුට මත්පැන් පොවමින් එය වීඩියෝ කර තිබූ අයුරුය. අසභ්‍ය වචනද පවසමින් මත්වූ ගතියකින් යුතුව කථාබහ
කරන අයගේ හඬවල්ද පසුබිමෙන් ඇසෙන මෙවැනි වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම ගැන  පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මීට අදාළව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 313 ගනාන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට පත්ව ඇත.
ඔහු දරුවාට මත්පැන් ලෙස

බියර් පෙවූ බව පවසා ඇති අතර පසුගිය 14 වනදා සවස මෙම සිදුවිම වී ඇති බවත් පවසා තිබේ.

බියර් පෙවූ මාස මාස 13 ක් වයසැති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර රෝහල වෙත ඉදිරිපත් කර තිබේ. මෙවැනි ක්‍රියා ළමා අපචාර ලෙස හැඳින්විය හැකි බව නීතීඥ මතයයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment