පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශයට.


 රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ ප්‍රථමවරට අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජය කරමිනි.

ක්‍රොඒෂියා කණ්ඩායමේ මැන්ඩ්සුකිච් 18 වැනි විනාඩියේදී වාර්තා කළ ඕන් ගෝලය හෙතුවෙන් ප්‍රංශය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

කෙසේ වෙතත් 28 වැනි විනාඩියේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් පෙරිසිච් වාර්තා කළ ගෝලයත් සමගින් තරගය සමවුවත් ප්‍රංශය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ග්‍රිස්මාන් 3 වැනි විනාඩියේදී සමත්වීමත් සමග පළමු අර්ධය2-1ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගත්තේය.

නැවතත් ප්‍රංශය වෙනුවෙන් පොග්බා 59 වැනි විඩියේදීත් එම්බාබේ 65 වැනි විනාඩියේදීත් ගෝල වාර්තා කිරීමට සමත්වූහ. ක්‍රොඒෂියාව වෙනුවෙන් මැණ්ඩ්සුකිච් 69 වැනි විනාඩියේදි ගෝලයක් වාර්තා කරමින් තරගය 4-2ක් ලෙස සමකළේය.

ඉන් අනතුරුව කිසිම කණ්ඩායමක් ගෝල වර්තා කිරිමට අපොහොසත්වූ අතර ඒ අනුව 2018 වසරේ පාපන්දු ශූරයන් ලෙස ප්‍රංශය සම්මාන ලැබිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment