
ඇය පවසන ආකාරයට
මෙම දරුවන් තිදෙනාම අඩු වයස් පරතරයකින් යුතු අය බැවින් විවාහ වයස එකට එළැඹි බවත් මෙම විවාහයන් වෙන වෙනම සිදු කරනවාට වඩා මෙවැනි එකවර විවාහයක් සිදු කිරීම වඩා අලංකාර වනු ඇතැයි තම පවුල කල්පණා කළ බවත්ය. දැනට ඇගේ පුතුන් දෙදෙනාම පෙම්වතියන් සොයාගෙන ඇති අතර
සරසවි අධ්‍යාපනය ලබන බාල පුතු ඔහුගේ පෙම්වතිය සමග ලබන වසරේ විදෙස්ගතවී අධ්‍යාපනය ලබන්නට නියමිත නිසා එසේ යාමට පෙර විවාහය සිදු කළ යුතු යයි වැදගත් වූ නිසා ඔවුන් තිදෙනාගේම විවාහය තරමක් ඉක්මණ් වූ බව පවසන කුමාරි ලබන ජනවාරි 18 වනදා මෙම මංගල උත්සවය සිදු කරන්නට තීරණය කළ බව දන්වා සිටී.
කුමාරි මුණසිංහ බෞද්ධ වුවත් ජැක්සන් හා දරු තිදෙනාම කතෝලික ආගම අදහන අතර විවාහය සඳහා සම්බන්ධ වන තිදෙනාම බෞද්ධාගමිකයින්ය. ඒ නිසා මෙම විවාහය කතෝලික මෙන්ම සිංහල බෞද්ධ චාරිත්‍ර සියල්ල සමග පවත්වන්නට සූදානම් කළ බව ඇය කියා සිටී.
දේවස්ථානයේ මංගල්‍යය උත්සවය මෙන්ම පෝරුවේ චාරිත්‍ර සහිත ශාලාවේ පවත්වන මංගල උත්සවයක්ද මෙයට ඇතුළත්ය.
තම පවුලට සම්බන්ධ වන තිදෙනා ගැන පවසා ඇති කුමාරි තිදෙනාම උපාධිධාරීන් බවත් දුව විවාහ වන්නේ ගුවන් සේවයක රැකියාව කරන අයකු බවත් පවසා ඇත. මැද පුතාගේ මනාලිය රැකියාවක නිරතවී දැන් ඉන් ඉවත්ව සිටින්නියක යයිද බාල පුතුගේ මනාලිය නර්තනයට සමත්කම් දක්වන්නියක බවද ඇය කියා සිටී.



0 comments :
Post a Comment