වෑන් රියක් ගහක හැපී තරුණයෝ 2 ක් මරුට

පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට නුදුරුවේදී ඊයේ (26) අලුයම 1.20 ට පමණ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැමිණ අසල තිබූ ගසක හැපීම නිසා සිදුවූ අනතුරකින්
වෑන් රථයේ ගමන් ගත් දදෙනකු මරුමුවට පත් වී තවත් සිව් දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි මින්නේරීය පොලිසිය කියයි.
තුවාලකරුවන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. ඒ අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව කදුරුවෙල. මුස්ලිම් කොළනිය, අංක 52 ලිපිනයේ පදිංචි අබ්දුල් කරීම්

මොහමඩ් ඉම්සි (23) සහ පොලොන්නරුව, කදුරුවෙල. මුස්ලිම් කොළණිය, අංක 11 පදිංචි එච්.එම්.කේ.ජී. ඉම්ෂාන් (23) යන දෙදෙනාය.
මෙම අනතුරින් තුවාල ලබා දැනට රෝහල්ගතකර සිටින සිව් දෙනා ද පොලොන්නරුව කදුරුවෙල මුස්ලිම් කොළනිය පදිංචිකරුවන් බව ද පොලිසිය සඳහන් කළේස්ය. අනතුරට පත් වෑන්රථය මහනුවර සිට පොලොන්නරුව බලා ධාවනය වෙමින් තිබියදී මේ අනතුර සිදුව තිබේ.
වැන් රථයේ අධික වේගය සහ එහි රියැදුරුට නින්දයාම අනතුරට හේතුව බව අනාවරණය වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කළහ. මිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ජී.බී. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

(පොලොන්නරුව ක. ග. කරුණාරත්න, හිගුරක්ගොඩ ඩබිලිව්.ඒ. පියතිලක, මින්නේරිය සරත් ගුණසිංහ සහ හිගුරක්ගොඩ සුනිමල් හේවගේ )
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget