ජපුරේ සිටි ඥානසාර හිමි පිරිත් සච්ඡායනා මැද බන්ධනාගාර රෝහලට


බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය. ගලගොඩ අත්තේ ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට මාරු කර තිබේ.

බන්ධනාගාර ගිලන්

රථයකින් උන්වහන්සේ බන්ධනාගාර රෝහලට වැඩමකර ඇත්තේ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද පිරිත් සච්ඡායනා මධ්‍යයේය.
අධිකරණය තුළ කලහ කරමින් අපහාස වන ලෙස හැසිරීමේ වරදට ඥාණසාර හිමියන් නඩු දෙකකට මුහුණ දුන් අතර ඒ දෙකින්ම සිර දඩුවම් නියම කෙරිණි. පළමුවැන්නෙන් පසුව ඇප ලබා සිටියදී දෙවැන්න වසර 6 ක සිර දඩුවමක් ලෙස ලැබිනි. එම නියමය ලබන අවස්ථාවට දින දෙකකට පෙර ජයවර්ධන පුර රෝහලට ඇතුළත් වූ උන් වහන්සේට සැත්කමක් සිදු කළ නිසා නඩු දිනයට උසාවියට ආවේ නැති නමුත් තීන්දු ප්‍රකාරව ජපුර රෝහල් ඇඳ මත බන්ධනාගාර ආරක්ෂාව මැද සිරගතවන්නට සිදුවිය.
කෙසේ වෙතත් නීතිය ප්‍රකාරව උන් වහන්සේට දිගටම එම රෝහලේ කල්ගතකරන්නට අවසර නැති අතර බන්ධනාගාර රෝහලට මාරු වීමට සිදුව ඇති නිසා අද එම මාරුවීම සිදු කරන ලදි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget