ගානක් කපා ගන්න හිතිලා දරුවාගේ පොතුත් කඩේට දීලා


මේ ගෙවන කාල වකවානුව කොයි කාටත් අමාරු කාලයි. ආහාරපානවල සිට සෑම දෙයකම මිල ගණන් වැඩිවන්නේ ටැක්සි මිටරය වෙනස්වන ලෙසිනි. මේ කියන තාත්තාටද නැති බැරි අමාරුකම තදින් දැනෙන්නට ගන්නේ හදිසියේ ඩෙංගු රෝගයට ඔහු ගොදුරු වූ නිසාය.

ඇඟේපතේ හයිහත්තියෙන් පවුලක් නඩත්තු කළ මොහු කම්කරුවෙකි. අසනීප වූ නිසා වැඩ කිරිමට නොහැකිව ඔහු දස අතේ කල්පනා කළේ ගේ හරිය මිරිස්කරලක් නෑ කියා බිරිඳ කියන්නට ගත් පසුවය. පුතේ මෙහෙ වරෙන් පුතුන් සමග එකතුවී නිවසේ ගොඩගසා තිබූ පරණ පත්තර, පොත්පත් සහ බෝතල්

එකතු කර ගොඩගැසුණේ අන්තිම තුරුම්පුව ගසමිනි.
නිවසේ තිබූ ලට්ට ලොට්ට විකුණා හෝ බඩ වියත රැක ගත යුතුය. පියාට සිතිණි. යකඩ බඩු කඩේ මුදලාලි නිවසට ආවේ යැවූ පණිවුඩයකට අනුවය. බඩු ටික රැගෙන මුදලාලි යන්නට ගියේ බඩු පැටවූ ලොරියද එළවාගෙනය.
අම්මේ මගේ පොත්ටික කෝ එදින සවස පුතු මවගෙන් අසන්නට වූයේ පාසල් පොත් ටික තිබ්බ තැන නැතැයි කියමිනි. බුලත් විටක් සප්පායම් වෙමින් සිටි පියා ගෙට එබී බැලුවේ මළ හත්තිලව්වයි සිතමිනි. පුතේ මම ඔතන තිබ්බ පොත්ටිකක් පරණ පත්තර මුදලාලිට දිලා දැම්මා.
පුතාට තරු පෙනිනි. පිය පුතු දෙදෙනා ඒ මොහාතේම පොත්ටික සොයා පරණ පත්තර කඩේට ගියත් ඒ වනවිටත් පරණ බෝතල්. පරණ යකඩ එක්කම දරුවාගේ අලුත් පොන් ටිකක් කොළඹට පටවා තිබිණි.
වෙච්ච දෙයක්. කොරේ පිටට මරේ කියන ඕකට තමයි අසරණ පියා පුතුගෙන් සමාව ඉල්ලද්දී පුතුගේ නෙත් කදුළින් පිරී ගියේය. පව් දුප්පත් තාත්තා. පුතු නිශ්ශබ්ද වූයේ දැන් කතාකර වැඩක් නැතැයි තේරුම් ගිය නිසාය.
(ශිරාන් රණසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment