විභාග දෙපාර්තමේන්තුවේ කාලසටහන නිසා සිසුන් අමාරුවේ වැටිලා

මෙවර උසස් පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියේ පළ කර තිබූ කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමට ගිය සිසු සිසුවියන් අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දුන් පුවතක්
වාර්තා වනවා.

ඒ අනුව පසුගිය 11 වැනිදා පැවැත්වුනු සිංහල විෂය පළමු ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට සිසුන් විභාග මධ්‍යස්ථානයට යන විට විභාගය අවසන් වී තිබෙනවා. අදාළ ප්‍රශ්න පත්‍රය පෙ.ව 8.30 ට ආරම්භ කර ඇති අතර සිසුන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් කාලසටහනේ විභාග ආරම්භක වේලාව පස්වරු 12.30 ලෙස දක්වා තිබීම මෙම ගැටළුවට හේතුව බවයි ගුරු සංගම් පෙන්වා දෙන්නේ.

මෙම අනපේක්ෂෂිත සිදුවීමට මුහුණ දුන් බණ්ඩාරවෙල සීවලි මහා විද්‍යාලයේ සිසුවියක්, හල්දුම්මුල්ල වල්හපුතැන්න ජාතික පාසලේ සිසුවියක් සහ අම්පාර ප්‍රදේශයේ පෞද්ගලික විභාග අපේක්ෂිකාවක් ප්‍රකාශ කලේ තමන්ට එදින අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් මේ වනවිට වෙබ් අඩවියේ පළකර ඇති අදාළ කාලසටහනේ ගැටළුව නිවැරදි කර ඇති අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේ ප්‍රවේශපත්‍රයේ සඳහන් වේලාවන් අනුව විභාගයට පෙනී සිටීමට අපේක්ෂකයින් කටයුතු කළ යුතු බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment