Walmart සේවිකාව ආබාධිත කාන්තාවගේ නියපොතු පාට කරපු කතාව


ලොව පුරාම ප්‍රසිද්ධ වෙළදසැල් ජාලයක් වෙන Walmart හි ඇමරිකාවේ මිචිගන් වල පිහිටලා තිබෙන Walmart ශාඛාවේදී අපුරු සිදු වීමක් වෙලා තිබෙනවා .ඇන්ජෙල පීටර් නමැති අබාධිත කාන්තාව Walmart ශාඛාවේ ඇතුලත පිහිටලා තිබෙන ඩා-වී නෙයිල් නමැති රූපලවන්යාගාරයට  ගියේ ඇයගේ නිය පොතු පාට
කර ගැනීමටයි නමුත් ඔවුන් ඇයව ප්‍රතික්ෂේප කොට තිබුන හේතුව දක්වල තිබුනේ සිටින පිරිස වැඩියි කියලයි
කොහොම නමුත් ඇය කණගාටුවෙන් පිටව යන ආකාරය Walmart හි

වැඩ කරන සේවිකාවක් වන ඉබෝනි හැරිස් දකිනවා පසුව ඉබෝනි අබාධිත කාන්තාව ළඟට ගොස් ඇයගෙන් අහල තිබෙනවා මම ඔබගේ නියපොතු පාට කරන්නද කියල නමුත් ඉබෝනි කියන්නේ සම්ප්‍රදායික නියපොතු පාට කරන කෙනෙක් නෙමෙයි කොහොම නමුත් ඇන්ජෙල පීටර් නමැති අබාධිත කාන්තාව පවසල තිබෙනවා "හා" කියල
පසුව මේ අවස්ථාවේදී  Walmart හි සේවය කරන වෙනත් සේවිකාවක් වෙන ටෙසියා ස්මිත් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගෙන facebook දාල තියනව Walmart හි සේවය කරන අයගේ කරුණාවන්ත කම ලෙස සදහන් කරමින් කොහොම වුනත් මේ ඡායාරූපය සමාජ ජාල වල වේගයෙන් පැතිරුණා.
ඇයගේ නියපොතු නිල් පාටින් පාට කර තිබුන ඇය මෙය සිදුකර තිබුනේ ඇයගේ රැකියාව අතර තුර ලැබුණු විවේක කාලය තුලයි කොහොම නමුත් මේ ගැන අදහස් දක්වන ඩා-වී නෙයිල් ආයතනයේ ප්‍රකාශිකාවක් සදහන් කර තිබුනේ ඇයව ප්‍රතික්ෂේප කොට තිබුනේ කට්ටිය වැඩි කමක් නිසාවත් ඇය ආබාධිත නිසාවත් නොවේ එම සේවකයන්ගේ තිබෙන කම්මැලි කම නිසා බවයි .
මේ ගැන අදහස් දක්වන ආබාධිත කාන්තාව සදහන් කර තිබුනේ මට Walmart එකේ ගොඩක් යාලුවෝ හම්බුනා ඔවුන්ට මගේ ආබාධය නොතකා පිළිගත්තා එය විශිෂ්ටයි යනුවෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment