තිරිඟු පිටි මිල රුපියල් 05 කින් ඉහළට : පාරිභෝගිකයන් අවධානයෙන්!.



තිරිඟු පිටි මිල රුපියල් 05කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වේ.   

31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ නැංවූ  බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පවසයි.

ඒ අනුව  මෙතෙක් රුපියල් 95.00 ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක මිල නව මිල සංශෝධනය සමඟ රුපියල් 100.00 දක්වා  මිල ඉහළ දමා තිබේ.

ප්‍රීමා සමාගම වැඩිදුරටත් පවසන ආකාරයට ලෝක වෙළඳපලේ මිල ගණන් ඉහළ යාම සහ ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම යන කරුණු මෙම මිල ඉහළ දැමීමට හේතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාරිභෝගික ජාලයේ කැඳවුම්කරු අසංක ධර්මසිරි මහතා ප්‍රකාශ කළේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමේ තීරණය පිළිබඳ ආපන ශාලා හිමියන් දක්වන ප්‍රතිචාරය පිළිබඳව තම සංවිධානයේ අවධානයට යොමු වී ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment