අයිඑස් ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට සැක ශ්‍රී ලාංකික සිසුවා ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට


ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ,
නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂන අධ්‍යයන කටයුතු කරන
මොහමඩ් නිසාම්දීන් නමැති 25

හැවිරිදි සිසුවෙකු පසුගිය 30 වනදා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙයි.
ඕස්ට්‍රේලියාවේ Malcolm Turnbull හා Julie Bishop නමැති හිටපු අගමැති සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඝාතනය කිරීමටත් සරසවි ආශ්‍රිත බෝම්බ පිපිරිම් ඇති කිරීමටත් ඔහු සැලසුම් කළ බවට චෝදනා තිබෙන අතර අදාළ සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට ඇති මොහු ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බව ෆෙඩරල් පොලිසිය සැකකරයි.
මොහු ය අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඔහුට ඇප ලැබුනේ නැති අතර ඔක්තෝබර් 24 වනදා නඩුව කල් තබා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment