15 කණ්ඩායමට 'හූ' කීමේ සුදානමක්?



ලබන 05 දා කොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධයේ විරෝධතාවයට සහභාගිවන ශ්‍රීලනිප 15 කණ්ඩායමේ සාමාජිකයින්ට 'හූ' කීමට 'පොහොට්ටු' පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ සුදානමක් ඇතැයි වාර්තාවේ.

15 කණ්ඩායමේ සාමාජිකයකු වන චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවා නොගන්නා ලෙස එම පක්ෂයේ නායකත්වයට බලකරමින් හබරාදුව නගරයේ දී ඊයේ උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ ජි සි පියසිරි, ශම්මු ආරියවංශ, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ, ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්කුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් ද හබරාදුව සහ ඉමදුව ප්‍රාදේශීය සභා දෙකේ පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ඝෝණයට සහභාගී වී සිටියහ.

දෙපැත්තම නැතිවෙන හැඩයි !

මේ අතර 15 කණ්ඩායමේ ප්‍රධානියකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා 'මව්බිම' පුවත්පතට ප්‍රකාශකර ඇත්තේ, ආණ්ඩුවේ ඇමැති තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලනිපයේ 15 දෙනා ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බවයි.

මෙහි එක් පියවරක් වශයෙන් මේ මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලනිප සංවත්සරයට එම මන්ත්‍රිවරුන් 15 දෙනාට ආරාධනා නොකරන්නට සූදානමක් ඇති බවද ප්‍රේමජයන්ත මහතා කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පාක්ෂිකයන් දැඩි ලෙස ප්‍රකාශ කළද එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධතා පවත්වනු ලබන කිහිපදෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩ ලබානොදෙමින් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටුකරමින් සිටින බවත් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් විනාශ වෙමින් අද වනවිට රටද විනාශ කරන තත්ත්වයකට පත්ව තිබෙන බවත් 15 දෙනාගේ කණ්ඩායම රට වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රට බේරාගැනීමට ක්‍රියා කරන බවත් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු රැස්වීමකට හිටපු මැති ඇමැතිවරුන් 15 දෙනාට මේ වනවිට ආරාධනා කර නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment