අගෝස්තුවේ ලක්ෂ 2 ක් - මුල් මාස 08 දී විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි.



2018 අගොස්තු මාසය තුළ දී 200,359 ක විදෙස් සංචරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය පසුගිය 2017 වසරේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 190,928 හා සැසඳීමේ දී 4.9% ක ඉහළ යාමකි.

අගොස්තු මාසයේ මෙම දත්ත් සමඟින් වසරේ මුල් මාස 08 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 1,582,835 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2017 මුල් මාස 08 තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට වඩා 12.5% ක ඉහළ යාමකි.

ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇති රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රාජධානිය වාර්තා වේ..

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment