ජන සටනින් පසු පොහොට්ටුව දෙදරයි : ලිඳුල නගර සභාවේ පොහොට්ටු සභාපති එජාපයට.



තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන තමන් ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බව එම සභාවේ සභාපති අශෝක සේපාල මහතා පවසයි.

අද (06) පස්වරුවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක සේපාල මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් තමන් විශාල සේවයක් සිදු කල බවත්,  එම පක්ෂයේ නායකයින්ගෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවු නිසා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කල ප්‍රබලයින් රැසක් තමන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා බවද අශෝක සේපාල මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කල තමන්ට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදි තරග කිරිමට පවා අවස්ථාව ලබා නොදිම හේතුවෙන් තමන් ස්වාධිනව තරග කර තලවකැලේ ලිඳුල නගර සභාවේ පාලන බලය ලබා ගැනිමට කටයුතු කල බවද අශෝක සේපාල මහතා පැවසිය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද තමන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට කැමති බව දැනුම් දිමෙන් පසු අග්‍රාමාත්‍යවරයා එයට එකඟ වු බව අමාත්‍ය නවින් දිසානායක මහතා තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බව ද අශෝක සේපාල මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමෙන් පසු තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකයා විසින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිඹුල කොරළයේ එක්සත් ජාතික පක්ෂයේ සම සංවිධායක ධුරය ලබා දිමට එකඟ වි ඇති බවද තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment