ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් දිනක වියදම ලක්ෂ 35 ක්.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආක්ෂාවක් ලබා දී ඇති බවත් ඒ වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය වන බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 70 ක් යොදවා සිටින අතර පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් 42 ක් හා යුද හමුදා නිලධරීන් 28 ක් ඒ අතර සිටින බවද හෙතෙම සඳහන් කළේය.
හිටපු යුද හමුදාපති වත්මන් වනජීවි තිරසර සංවර්ධන අමාත්‍යවරයා වන සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ 20 දෙනකුගෙන් සමන්විත ආරක්ෂක අංශයක් බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර ඇති බවට සඳහන් කර තිබුණුද මේ වන තුරු එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි.
ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසගේ ආරක්ෂාව වැඩිකරන්න
මේ අතර ජීවිත තර්ජන මතුව තිබෙන හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට රජය වහාම ක්‍රියාත්මක වියයුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (28) පැවසීය.
වත්මන් රජය බලයට පත්වූ පසුව අවස්තා කිහිපයකදීම හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව අඩුකිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් බරපතල අර්බුධයක් මතු තිබෙන බවද කී මන්ත්‍රීවරයා මෙම ඝාතන කුමන්ත්‍රණය හෙළිකළ නාමල් කුමාර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද රජය මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම මීට පෙර සුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාත් නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව රැුස්කර තිබෙන බවත් මෙම බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉල්ලලීමක් කර තිබියදීත් පාර්ලිමේන්තුව කැඳවීමට රජය උනන්දු නොවීම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවද කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
0 comments :
Post a Comment