'ජන බලය කොළඹට' 75,000ක් ඇවිත් : සෙනග අඩු වුණේ පිළුණු කෑම නිසා?



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ 'ජන බලය කොළඹට' විරෝධතාවය සඳහා ඊයේ 75,000 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතිබව රාජ්‍ය බුද්ධි සේවාවලින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.

රාජ්‍ය බුද්ධි සේවය හා ආරක්ෂක හමුදාවල බුද්ධි අංශ විසින් වෙන වෙනම ඉදිරිපත් කර ඇති වාර්තාවල එබව සඳහන් වේ.

ගම් මට්ටටමේ සිට කොළඹට පැමිණි පිරිස් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වලින් හා ඔත්තුකරුවන් දහස් ගණනක ගෙන් තොරතුරු ලබාගෙන ඇති රාජ්‍ය බුද්ධි අංශ, මෙම උද්ඝෝෂණය සඳහා කොළඹට පැමිණි බස් රථ හා පෙළපාලිවලට සහභාගී වූ පිරිස් සම්බන්ධයෙන් ද විදිමත් ගණනයක් සිදු කර තිබිණ.

ජනබලයට සෙනග අඩු ඇයි ?

"ජනබලය කොළඹට” විරෝධතාවයට පැමිණි වැඩි පිරිසක් රෝගාතුරවීම හේතුවෙන් එම විරෝධතාවයට එක්වීමට නොහැකිවී ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් මෙසේ රෝගාතුරව ඇත්තේ ඔවුන්ට ලබාදුන් ආහාර පිළුණුවී තිබීම නිසාය.

පාන්දර පිසින ලද ආහාර ඔවුන්ට ලැබී ඇති බව පැවසෙන අතර කෙසේවුවද මේ පිරිසට ආහාර ලබාදීමේ කටයුත්ත සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් බව පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment