එජාප සංවත්සරය අද : සැමරුම සිරිකොතේ.



එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද (06) ට යෙදී තිබේ.

සංවත්සර මහෝත්සවය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන 9.30 ට සැමරීමට නියමිත වේ.

මෙවර සංවත්සරය සමරනු ලබන්නේ “වැඩ කරන, වැඩ කරපු 72” යන තේමාව යටතේ ය.

පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, නිදහස් අධ්‍යාපනයේ සිට බොහෝ දෑ රටට දායාද කළ පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හැඳින්විය හැකි බවයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහ සාමාජිකයින් සියල්ලන්ගේ සහාභාගීවයෙන් මෙවර සංවත්සරය සමරනු ලබන බව පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එක්‌සත් ජාතික පක්‍ෂය 1946 සැප්තැම්බර් මස 06 දා මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ නායකත්වය යටතේ ඇරඹූ අතර වත්මන් රජයේ ප්‍රධානතම කොටස්‌කරුවා ලෙසද අග්‍රාමාත්‍ය ධුරය හිමි පක්‍ෂය ලෙසද කටයුතු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment