පොලිස් සැමරුම දවසේ ලයිට් නිවා ‘ආතල්‘ දුන් පොලිස් නර්තන ශිල්පීන්

"උඹද අපිට ආතල් දෙන්නේ අපි ආතල් දෙන්නත් දන්නවා - ගන්නන් දන්නවා යකෝ" යැයි කියමින් පොලිස් නර්තන ශිල්පියකුට පහරදුන් බව කියන සිද්ධියකට අදාළව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තවත් පොලිස් නර්තන ශිල්පියකුට හා වාදන ශිල්පියකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි
කුරුඳුවත්ත පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ පොලිස් සංස්කෘතික අංශයේ කෝස්තාපල්වරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි .

ශ්‍රී ලංකා පොලිසියට වසර 152ක් සපිරුණු පෙරේදා (03දා) තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වී

කුරුඳුවත්ත ටොරින්ටන්හි පිහිටි තනිකඩ බට නිවාසයට පැමිණ සිටියදී මෙලෙස පහරදී ඇති බව පොලිසිය කියයි. පහරදුන් බව කියන කොස්තාපල්වරුන් දෙදෙනා තවත් කිහිපදෙනකු සමඟ තනිකඩ භට නිවාසය තුළ මත්පැන් සාදයක් පවත්වමින් සිට ඇති අතර කොස්තාපල්වරයා විදුලිපංකාව ක්‍රියාත්මක කිරීම සදහා ස්විචය ක්‍රියාත්මක කිරීමට යාමේදී අත්වැරැදීමකින්  මත්පැන් සාදය පැවැත්වූ ස්ථානයේ දැක්වෙමින් තිබූ බල්බයේ ස්විචය ක්‍රියාත්මක වී බල්බය නිවී ගොස් ඇති බව පොලිසිය කියයි.

 එම අවස්ථාවේදී ඔහු අසලට පැමිණි කොස්තාපල්වරුන් දෙදෙනා උඹද අපිට ආතල් දෙන්න හදන්නේ 'අපි ආතල් දෙන්නත් දන්නවා ගන්නත් දන්නවා යකෝ' යැයි පවසමින් තමන්ගේ මුහුණට, හිසට හා පපුවට පහර දුන් බවට කොස්තාපල්වරයා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත. කොස්තාපල්වරය එදිනම (03දා) රාත්‍රි 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථනයෙන් ඒ බව පැමිණිලි කරමින් රෝහල් ගත වී ඇත.  තම සැමියාට තනිකඩ භට නිවස්නය තුළදී කොස්තාපල්වරුන් දෙදෙනකු පහර දී ඇති බවට පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයාගේ බිරිය ඊයේ (04දා) කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි. අදාළ පැමිණිල්ල අනුව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන්ට කිහිපදෙනකු රෝහල වෙත ගොස් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.


-එම්.සී.පෙරේරා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment