දේශපාලනය තීරණාත්මකයි : හෙට එළිවෙනකොට අගමැති මහින්ද!
මුළු කොළඹම වටලලා ආපසු ගෙදර එන්නේ නැවත අපේ ආණ්ඩුවක් අරගෙන බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඇයගේ පාක්ෂිකයින් අමතා අවධාරණය කර සිටියාය.
කොළඹට සෙනග දෙන එම සඳහා තම ක්‍රියාකාරී පිරිස් අමතමින් එසේ පැවසු මන්ත්‍රීවරිය පෙරේදා (03දා) ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් කියා සිටියේ, පස්වෙනිදාට පසු රටේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවයි.
"පස්වැනිදා අපිට තීරණාත්මක දවසක්. මේ රටේ, වටලන්න අවශ්‍ය ස්ථාන වටලනවා. පොදු ප්‍රදේශ අත්පත් කර ගනිමින් මේ ආණ්ඩුව ගෙදර යවන මහා සත්‍යග්‍රහය පටන් ගන්නවා. පසුද එළිවෙනතුරු අපි කොළඹ ඉන්නවා. අපි ආපහු ගමට එන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරලා, අපේම ආණ්ඩුවක් අරගෙන දිව්රුම් දීලා '' යයි ඇය පැවසුවාය.
'විරෝධතා කරලා ආණ්ඩුව පෙරළන්න බෑ'
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, ආණ්ඩු බලය ලබාගතහැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවයි.
එම පෙරමුණේ කේ.ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ විරෝධතා රැළි පැවැත්වීම මගින් කිසිවිටෙක පවතින ආණ්ඩුව පෙරලාදැමිය නොහැකි බවයි.
ජනබලයත් සමඟ කොළඹට අද එන මහින්ද රාජපක්ෂ, ආණ්ඩුව පෙරළීමට නම් කළ යුත්තේ 2/3 බලය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් ඊට ජවිපෙ ඡන්ද ලබා දීමට සූදානම් බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අභියෝගයක් කරමින් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේනට අභියෝගයක් කළහොත් ඔහුට එය කිසිසේත්ම කළ නොහැකි අතර බහුතරය නොලැබ බෝනස් එකක් සේ අගමැතිකම ලැබූ රනිල් වික්‍රමසිංහ මහතාටද එම අභියෝගය ගැන සිතීමටවත් නොහැකි බව ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා පැවැසුවේ පාගමන් තබා ආණ්ඩු පෙරළීමට නොහැකි බැවින් කළ යුත්තේ 2/3 බලය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවීම පමණක් ප්‍රායෝගික වන බවයි.

0 comments :
Post a Comment