සිංගප්පූරු ගිවිසුම නිසා රජය ආගමන විගමන නීති ලිහිල් කරනවා- බන්දුල ගුණවර්ධන

සිංගප්පූරු ගිවිසුම මුල් කරගෙන මෙරට ආගමන විගමන නීති සියල්ල ලිහිල් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊට අවශ්‍ය රෙගුලාසිද මේ වන විට සකස් කර
කැබිනට් අනුමැතියද ලබාගෙන ඇති බව

වාර්තා වෙන බවත් ඒ අනුව ඕනෑම තරාතිරමක කෙනකුට මෙරටට පැමිණීම සඳහා වීසා ලබාගැනීමට හැකි වන ආකාරයේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් බන්ධුල ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කෙළේය.

'අපි කිව්වා සිංගප්පූරු ගිවිසුම නිසා නිදහස් ශ්‍රමිකයන්ට මේ රටට එන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඒ අනුව පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් දෙගොල්ලන්ටම මේ රටට ඒමේ අවස්ථාව ලැබෙනවා. අපිට ආරංචියි මේ වෙනුවෙන් ආගමන විගමන නීතිත් ලිහිල් කරන්න යනවා කියලා. මීට සමගාමී ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පිළියෙල කරලා තිබෙන බවයි අපට දැනගන්නට තිබෙන්නේ.
එසේ ලිපි ලේඛන වෙනසක් කරනවා නම් සිංහලෙන් සහ දෙමළ භාෂාවෙනුත් ඒවා තිබිය යුතුයි. සිංගප්පූරු ගිවිසුමේ ලේඛන පවා සිංහලෙන් සහ දෙමළෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමේ අවස්ථායි මේවා.'

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ ඊයේ (2දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment