ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ 67 වන උපන් දිනය අද

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 67 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී
සමාජවාදී ජනරජයේ 06 වැනි

ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා උපත ලබා ඇත්තේ 1951 සැප්තැම්බර් මස 03 වැනිදාය.දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදීමට දිනකට කලින් එනම් 1951 සැප්තැම්බර් මස 02 වැනිදා වීමද විශේෂත්වයකි.

1989දී පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු ලෙස ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු හා අමාත්‍යවරයකු ලෙසද කටයුතු කරමින් වසර 26කට පසුව 2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනාධිපති ධුරයට තේරී පත්විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment