මැතිඇමතිවරුන්ට මිල අධික සුපිරි මෝටර්රථ ආනයනයට ඉඩ නොදෙන බව මංගල කියයි.



මැතිඇමතිවරුන් සඳහා මිල අධික සුපිරි මෝටර්රථ ආනයනය අනිවාර්යෙන්ම නතරකළ යුතු බවත්, ලබන වසරේදී ඒ සඳහා ඉඩක් නොලැබෙනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විදේශයන්ගෙන් ගෙන්වන අධික මිල සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය හැකිතාක් අඩු කළ යුතු බවත් දේශීය කර්මාන්ත වලට හැකිතාක් උදවු විය යුතු බවත් ඔහු කියා සිටියේ, කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන Spark 18 නව නිර්මාණ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) එක් වෙමිනි.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා රාජකීය විද්‍යාලයේ සිසුන් සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සංවාදයකට සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“පවතින තත්ත්වය කවදා හොඳ අතට හැරෙයිද කියලා කියන්න බැහැ මොකද උදාහරණයක් විදිහට ඊයේ තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 80 දක්වා ඉහළ ගියා

මම CNN එකේ දැක්කා ඔවුන් අනුමාන කරනවා ඇමෙරිකාව සහ ඉරානය අතර වත්මන් දේශපාලන තත්ත්වය නරක අතට හැරුණහොත් තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යන්න පුළුවන් කියලා''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment